The

The යනු ඉංග්‍රීසි භාෂාවේ එකම නිශ්චයාර්ථය හඟවන අව්‍යය පදය (definite article) යි. පෙර සඳහන් කරන ලද පුද්ගල(යන්) හෝ දේ(වල්), යළි හැඳින්වීමේ දී/දැක්වීමේ දී හෝ අසන්නාට හෝ කියවන්නාට හුරුපුරුදු යැයි සළකනු ලබන විට දී The පදය භාවිත වෙයි. ඉංග්‍රීසි භාෂාවේ වඩාත්ම බහුලව භාවිත වන පදය මෙයයි. The පදය, යම් නාම පදයකට ඉදිරියෙන් යොදනු ලබයි.

ඒක වචන හෝ බහු වචන නාම පද, ස්ත්‍රී ලිංග හෝ පුරුෂ ලිංග නාම පද සහ ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම අක්ෂරයකින් ආරම්භ වන නාම පද යන මේ සියල්ලක් සමඟ ම The පදය භාවිත කළ හැකි වෙයි. භාෂා ගණනාවකම ස්ත්‍රී ලිංග හා පුරුෂ ලිංග නාම පද සහ සංඛ්‍යා සඳහා විවිධ අව්‍යය පද භාවිත වෙයි. මේ අනුව ඉංග්‍රීසි භාෂාවේ The පදයෙහි භාවිතය ඒ සියල්ලට ම වඩා වෙනස් වෙයි. The පදය උච්ඡාරණය කරනු ලබන ආකාර 2ක් පවතී.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne